Tuesday, October 20, 2015

දමනය (පස්වන කොටස)

'දමනය' යනු බස්සිගෙ නවාතැන බ්ලොග් අඩවියේ යශෝධා සම්මානි ප්‍රේමරත්න සොයුරිය විසින් කොටස් දෙකක් වශයෙන් ලියා පළකරන ලද කෙටිකතාවකි. එබැවින් කතාවේ පූර්ණ අයිතිය ඇය සතුවේ. පසුව දමනය මුල් කතාවේම දිගුවක් ලෙස තවත් කොටස් දෙකක් ඉවාන් පවුලූෂා සහ තුශානි විසින් ඔවුන්ගේ බ්ලොග් අඩවිවල ලියා පළකරන ලදී. එහි පස්වන කොටස වෙනත් කෝණයකින්, විද්‍යා ප්‍රබන්ධයක් ආකාරයට ලිවීමට සිතුවෙමි. මෙයින් කතාවේ රසයට හා ගලායෑමට හානියක් වී ඇත්නම් සමාව ඉල්ලා සිටීමට ද කැමැත්තෙමි.



 කතාවේ මුල් කොටස් පහතින්:

දමනය (පළමු කොටස) - බස්සිගෙ නවාතැන
දමනය (දෙවන කොටස) - බස්සිගෙ නවාතැන
දමනය (තුන්වන කොටස) - ඉවාන් පවුලූෂා
දමනය (හතරවන කොටස) - පුංචි කැකුළු මල්
________________________________________________________________


අවට පරිසරය පුරාම පැතිරී ඇත්තේ පාළු මූසල බවකි. කුරුල්ලෙකුගේ හඬක් හෝ ඕක් ගසක අතු සුළඟට සැලෙන හඬක් වසර ගණනකින් මෙහා ඇසී නැත. ඒ වෙනුවට නිහඬතාවය බිඳිමින් වරින්වර ඈතින් නැගෙන්නේ පුපුරා යන ෂෙල් වෙඩිවල හඬ ය. නොනවත්වා ක්‍රියාත්මක වන මැෂින් තුවක්කුවල හඬ ය.

මේ මළානික, එහෙත් බියජනක පරිසරය තුළ බැලූ බැල්මට ඊට නොගැලපෙන යමක්ද පිහිටා තිබේ. තැනින් තැන පිහිටි ගරා වැටුණු නිවාස හා මිය යමින් ඇති සිල්වර් බර්ච් ගස් අතරින් පෙනෙන්නේ සරුසාර රෝස මල් වගාවකින් වට වුණු, තරමක් විශාල නිවෙසකි. නිවෙසෙහි අඳුරු සෙවණැලිවලට මුවා වී ආයුධ සන්නද්ධ හමුදා භටයන් කිහිපදෙනෙකු සිටින බව පෙනෙන්නේ වඩාත් හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට පමණි.

"ඔහේට හොඳටම විශ්වාසද මේකෙන් ඔය කියන තරම් දේවල් කරන්න පුළුවන් කියලා?"

ඇඩොල්ෆ් හිට්ලර් ගැඹුරු ස්වරයෙන් ඇසීය. ඔහු මේ මොහොතේ සිටින්නේ රෝස වගාවට යටින් පිහිටා ඇති භූගත නාසි පර්යේෂණාගාරයක් තුළ ය. දිගු මේසය වටා හිට්ලර් සමග අසුන්ගෙන සිටින්නේ SS හමුදාවේ සහ ගෙස්ටාපෝ පොලීසියේ උසස් නිළධාරීන් කිහිපදෙනෙකි. පිරිසේ කතාබහට අමතරව පසෙකින් රේඩියෝවක් ද ක්‍රියාත්මක වෙමින් ඇති නිසා කාමරය තුළ ඝෝෂාකාරී බවක් පැතිරී තිබේ.

විශාල තිරයේ සටහන්ව ඇති සමීකරණය දෙස බලා සිටි ආචාර්ය ඇබිගේල් හිට්ලර් දෙසට හැරුණේය.

"එහෙමයි උතුමාණෙනි. ඇත්තටම මේ අමුතු උපකරණය අපිට හම්බවුණේ අල්ලගත්ත යුදෙව් මහාචාර්යවරයෙක්ගෙ පෞද්ගලික කෞතුකාගාරයක තිබිලා. මිනිහා අවුරුදු ගාණක් තිස්සේ ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන පරීක්ෂණ කරපු කෙනෙක් කියල තමයි කියන්නෙ. අපිට මිනිහ එක්ක ටිකක් කතා කළා නම් මේක ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ඉඩ තිබුණ, ඒත් අපි හොයල බලනකොටත් මිනිහව ඕෂ්විට්ස් වධ කඳවුරට ගෙනිහින්."

SS නිළධාරියෙකුගේ කට කොණට සිනහවක් නැගුණි.

"මම දන්නෙ නෑ මේක කොහෙන් ආපු, මොකකට හදපු දෙයක්ද කියල. නමුත් අපිට පුළුවන් වුණා මේකෙ මූලික සැකැස්ම අවබෝධ කරගෙන, අපිට ගැලපෙන විදියට පොඩි වෙනස්කම් කිහිපයක් කරලා අපේ පරිගණක පද්ධතිවලට සම්බන්ධ කරන්න. මම හිතනවා තවදුරටත් මේක දියුණු කළොත් අපිට මේ තාක්ෂණයෙන් සතුරු හමුදා සම්පූර්ණයෙන්ම අපේ පාලනය යටතට ගන්න පුළුවන් වෙයි කියල. හැබැයි අපිට තව කාලය අවශ්‍ය යි."

මෙතෙක් වේලා පසෙකට වී බලා සිටි ආචාර්ය බියට්‍රිස් අසල තිබූ ලෝහමය බඳුනක් විවෘත කොට රවුම් හැඩැති කණ්නාඩි කිහිපයක් දෑතට ගත්තාය.

"ඔබතුමාල සූදානම් නම් අපි කැමතියි අපේ පර්යේෂණවල ප්‍රගතිය ඔබතුමන්ලාට පෙන්නන්න. කරුණාකරලා මේ කණ්නාඩි දාගෙන මාත් එක්ක එන්න. මේ උපකරණය රහසිගතව තියාගන්න අවශ්‍ය නිසා අපි පර්යේෂණාගාරය පුරාම විශේෂ තීන්ත වර්ගයක් ආලේප කරලයි තියෙන්නෙ. ඒ තීන්ත පේන්නෙ මේ කණ්නාඩි වල තියෙන විශේෂිත කාචවලට විතරයි. කණ්නාඩි භාරව  ඉන්න අපි හතරදෙනෙක් ඇරෙන්න පර්යේෂණාගාරයේ ඉන්න වෙන කිසිම කෙනෙක් මේ පද්ධතිය ගැනවත්, මේක පිහිටවල තියෙන කුටිය ගැනවත් දන්නෙ නෑ."

ආචාර්ය බියට්‍රිස් පෙරමුණ ගත්තාය. කණ්නාඩි පැළඳගත් පසු අඳුරු නිල් පැහැයෙන් දිදුලන්නට ගත් පටු කොරිඩෝර අතරින් පිරිස ඉදිරියට ඇදුණහ.

"මට නම් තාමත් විශ්වාස නෑ ඕකට ඔච්චර හරියක් කරන්න පුළුවන් කියල. ජර්මානුවො තමයි ලෝකෙ ඉන්න දක්ෂම විද්‍යාඥයො. තමුසෙලට හොයාගන්න බැරිවුණ තාක්ෂණයක් යුදෙව්වෙක් ළඟ තියෙන්න පුළුවන් ද?"

නිහඬතාවය බින්දේ හිට්ලර් විසිනි.

ඊට පිළිතුරක් නොදී දැවැන්ත දොරක් ඉදිරියේ නැවතුණු ඇබිගේල් දොරට යම් විශේෂිත ක්‍රමයකට තට්ටු කරන්නට වූයේය.

'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්'

යාන්ත්‍රික හඬක් නගමින් දොර විවර විය. කහ පැහැති ප්‍රතිදීප්ත ආලෝකයෙන් එළිය වුණු ශාලාවට ඇතුළු වුණු හිට්ලර් සහ පිරිස දුටුවේ සිවිලිමේ එල්ලා ඇති විශාල පළිඟුමය ගෝලයක් සහ ඊට සම්බන්ධ වූ දැවැන්ත පරිගණක පද්ධති කිහිපයකි. 

________________________________________________________________

මුල්ලුවක් අතින් ගත් යුදෙව් සේවකයෙක් නිවෙසින් පිටතට පැමිණියේය. මදකට එකතැන නැවතී සිටි ඔහු ඊළඟ නිමේෂයේදී සිහිවිකල්ලෙන් මෙන් ඒ මේ අත කැරකෙන්නට විය. කිහිපවරක් උඩ පැන, අසල තිබූ රෝස ගසකින් මලක් කඩාගත් ඔහු වියරුවෙන් එහි පෙති කඩා ඉහිරවන්නට වූයේය. නිවෙස මුරකරමින් සිටි සොල්දාදුවන් භීරාන්තව බලා සිටිද්දී අත තිබූ මුල්ලුවෙන් රෝස ගස් සිටුවා තිබූ පෝච්චිවල පසට ඇනගෙන ඇනගෙන ගියේය. ඊළඟ මොහොතේ මුල්ලුව අමෝරාගත් යුදෙව්වා අසල සිටි හමුදා භටයෙකු වෙතට පැන්නේය.

කන් බිහිරි කරවමින් වෙඩි හඬක් නැගිණි. ඈතින් ඇසෙන ෂෙල් හඬ මොහොතකට යටපත් වී ගියේය.

"හඃ හඃ හඃ හා..!"

පොළොවෙන් අඩි සියයක් පමණ යට සිට හිට්ලර් නැගූ වියරු සිනා හඬ මියගිය සේවකයාටවත්, තවමත් දුම් දමන රයිෆලය ඉදිරියට දිගු කරගෙන සිටි හමුදා භටයාටවත් ඇසුණේ නැත. 

________________________________________________________________


මෙතෙක් මිනිසුන්ගෙන් පිරී තිබුණු සාකච්ඡා කාමරය දැන් හිස්ව ගොසිනි. එහෙත් තවමත් ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබේ.

"මිත්‍ර හමුදා සහ සෝවියට් හමුදා ඉතා වේගයෙන් ජර්මන් බලප්‍රදේශ අත්පත් කරගනිමින් සිටිති. ස්ටාලින්ග්‍රාඩ් සටන ජයගැනීමෙන් ඔද වැඩුණු සෝවියට් හමුදා තව තවත් වේගයෙන් ජර්මානු SS හමුදා සංහාරය කරමින් සිටී. මේ තත්ත්වය අනුව තවත් මාස කිහිපයක් ඇතුළත හිට්ලර්ට අන්ත පරාජයක් අත්වීම නොවැළැක්විය හැක්කකි."

________________________________________________________________



කාලය වේගයෙන් ගෙවී යයි. යුධ ගිනිදැල්වලින්, ලෙයින් හා දුක් අඳෝනාවන්ගෙන් වැසී තිබුණු පරිසරය ඒ වෙනුවට නිල්වන් ගහකොළින්, අලංකාර නිවාසයන්ගෙන් හා ප්‍රීතිමත් එහෙත් කාර්යබහුල මිනිසුන්ගෙන් පිරී යමින් පවතී. සියල්ල වෙනස් වද්දී වෙනස් නොවී තවදුරටත් එලෙසම පවතින්නේ එක්තරා නිවසකුත්, ඒ වටා පිහිටි සරුසාර රෝස වගාවකුත් පමණි.

________________________________________________________________


"ඔයාට ඒක කියන්නම වෙනවා." මෙලීසා විසල් කරගත් දෑසින් ජෝෂුවාගේ මුහුණට එබුනාය.


๑۩۩๑ ๑۩۩๑ ๑۩۩๑

22 comments:

  1. මේක තමයි දමනය කතාවේ මා දැකපු හොඳම කොටස! ඇයි මල්ලි ඔයා සයන්ස් ෆික්ෂන් පැත්තට යන්නෙ නැත්තෙ! ඔයා ඒක ගලපලා තියෙන විදිය අපූරුයි!!

    ReplyDelete
    Replies
    1. පළවෙනි කමෙන්ටුවම කතාවේ අයිතිකාරයගෙන් ලැබුණ එක ගැන සතුටුයි.

      බොහොම ස්තූතියි අක්කේ. මං ඒත් හිතුවා කතාවෙ ගලායාම මම අවුල් කළාද කියලත්..

      ඇත්තම කිව්වොත් මම මීට කලින් පොඩි පොඩි සයන්ස් ෆික්ෂන්ස් කීපයක් ලියල තියෙනව අක්කෙ, හැබැයි ඔක්කොම තාමත් නෝට්පෑඩ්ස්වල තියෙන්නෙ. ඉස්සරහට දාන්නම්.

      Delete
  2. සිරාවටම උතුර දකුණ මාරු වුණා... මාරු වුණා නෙවී මාරු කලා...
    පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. මේකෙන් කියන්නෙ කතාව සාර්ථකයි කියලද, නැත්තන් අසාර්ථකයි කියලද කියල හිතාගන්න බැරුව මටත් උතුර දකුණ මාරු වුණා මහේෂ් අයියෙ.

      Delete
  3. වෙනස්ම ආරකින් කතාව ගොඩ නැගිලා තියෙනවා... අපූරුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තුශානි..

      Delete
  4. මේ කතාව මෙච්චර දුර ගිහින් කියලා දැයි දැනගත්තේ , මමත් හිතන්නේ මේ කතාවේ මං කියැවූ විශිෂ්ටත්ට්ම කොටස මෙයයි කියලා . මේකත් එක්ක බැලුවම අපි ලියපු කතා පොඩි ළමයි ලියපුවා වගේ . ජයවේවා අශාන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉවාන් අයියෙ බොහොම සතුටුයි.

      //මේකත් එක්ක බැලුවම අපි ලියපු කතා පොඩි ළමයි ලියපුවා වගේ// අපෝ නෑ, මේ මගේ තුන්වෙනි හරි හතරවෙනි හරි කතාව.. ඉවාන්ල ලියපු අතිවිශිෂ්ට කතා මම ඕනතරම් දැකල තියෙනව.. දමනය මුල් කොටස් හතරත් බොහොම දක්ෂ විදියට ලියපුවා, ඒකයි මටත් හිතුණෙ පස්වෙනි කොටස ලියන්න..

      Delete
  5. රවිඳු, මම මේ කතා හතරම කියවලා පහත් කියවන්න ලැබෙයි කියල හිතුවෙ නෑ. පස්වෙනි එකත් මරේමරු. මේ වගේ කතා සෙට් එකක් ලියන්ඩ. නියමෙට තියෙයි. අර බස්සි කිව්ව වගේ මේ මාදිලියට ඔයා හොඳ සාදාරනයක් කරනවා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා කසුන්..

      පහ ආවේ හතර ඇවිත් මාසෙකට විතර පස්සෙ නේද.. මේක වෙනත් බ්ලොග්වලින් තව ඉස්සරහට අරන් යනව නම් සෑහෙන්න දක්ෂතා වගේම බොහොම ලස්සන කතාවකුත් දකින්න පුළුවන් වෙයි මං හිතන්නෙ..

      අනිවාර්යයෙන්ම ඉස්සරහට විද්‍යාත්මක කරුණුත් එක්ක පොඩි පොඩි ප්‍රබන්ධ කතාත් පළ කරන්නම්..

      බොහොම ස්තූතියි කසුන්..

      Delete
  6. කට්ටිය එක එක ඇහෙන් එකම තේමාවක් දිහා බලන විදිහෙ හරිම අපූර්වත්වයක් තියෙනවා. මේ කොටසින් අළුත් මාවතකට කතාව හරවලා තියෙන විදිහත් අගෙයි! බලමු ඊ ළඟ කොටස කවුද ලියන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මධූ..

      ඊළඟ කොටස මධුමාධවී බ්ලොග් එකෙන්ම වුණත් දකින්න ලැබෙන්න පුළුවන් නේද?

      Delete
  7. දමනය ඊලග කොටහා කාගෙන්ද....මේකත් නියමයි....
    ඊලග ආතර් සී ක්ලාක් ද මන්දා...
    ඔන්න ෆලොව් කරන්න කොක්කත් ගහගෙනම යනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වාසනාවන්ත..

      ක්ලාක් ජීවතුන් අතර හිටිය නම් කොටස් පහම යවන්නත් තිබුණ එයාට බලන්න.. :D බලමු කවුරුහරි තව කොටසක් ලියයිද කියල..

      මාත් ඔය පැත්තට කොක්කක් ගහල තියෙන්නෙ..

      Delete
  8. කලින් කිහිප වතාවක්ම ඇවිත් ගියාට අද තමයි කොමන්ටුවක් දාන්න උනේ....
    කියවලා නිකම්ම යනවට වඩා අදහසක් පලකරලා යන එක තමයි වඩා වටින්නේ....

    මම දමනය කතා පෙලම කියෙව්වා,හැමෝම තමන්ගේ ඒ ඒ දක්ෂතාවය අනුව කතාව ඉතා ලස්සනට ලියලා,ඔබත් එහෙමයි.

    මම කැමතිම මාතෘකා කිහිපයක් ඔබේ බ්ලොග් එකේ ලිපි වල තියෙන්නේ.මේ ගැන ලියවුන පොත්පවා මම වෙනම හොය හොය කියවලා තිබෙනවා.මම ඒ තරම් කැමති මේ තොතුරු වලට.ඒ නිසා මට ඔබේ බ්ලොග් ලිපි ඉතා වටිනවා.අලුත් ලිපි වලදි මුන ගැහුනම දිගටම අදහස් දක්වන්නම්..
    නැවතත් එන්නම්...ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මනෝ. හැබැයි මේකෙ මුල් කොටස් ලියපු අය එක්ක බලද්දි මම තවම ආධුනිකයෙක්.

      විෂයය ගැන කැමැත්තක් තියෙන තව කෙනෙක්ව අඳුරගන්න ලැබීම කොයිතරම් සතුටක්ද.. අනිවාර්යයෙන්ම දිගටම එන්න..

      Delete
  9. ආසම සබ්ජෙක්ට් එකේ බ්ලොග් එකක්.. ෆලෝ පාරක් දැම්ම ආපහු එන්න

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා යසිත්. දිගටම එන්න.

      Delete
  10. http://nelumyaya.com/?p=4665
    මට හොල්මන්. කවුරුහරි 3-4-5 එකතු කරන්න ලින්ක් එකක් ලියන්න දැන්.

    ReplyDelete
    Replies
    1. අහහ් සෑහෙන කාලෙකින් බ්ලොග් එකට ආවෙ අජිත් අයියෙ මේ ටිකේ එකදිගටම විභාග. තාම කවුරුත් හයවෙනි කොටසක් ලියල නැද්ද?

      Delete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...